-4.3 C
New York

ට්‍රම්ප්ගේ දේශපාලන සගයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

Published:

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ ‍දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. විදෙස් මාධය වාර්තා කරන්නේ ඇමරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක උත්සවයක් අතරතුර මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මිය යන විට ඔහුට වයස අවුරුදු 31 කි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන චාලි ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටනේ පෙරමුණ ගෙන ක්‍රියාකළ අයෙකි.

විමර්ශනය පිළිබඳ පරස්පර තොරතුරු නිකුත්වී ඇති අතර යුටා ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. කෙසේවුවද යුටා මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බියු මේසන් පවසා ඇත්තේ සැකකරු තවමත් නිදැල්ලේ සිටින බවයි. 

“අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු” ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කළ බව FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් පසුව පැවසීය.

ජනාධිපති ට්‍රම්ප් සිය ශොකය පලකරමින් මෙසේ පැවසීය, “චාලිගේ තරුණ හදවත කිසිවෙකුට තේරුම් ගැනීමට හෝ දැන ගැනීමට නොහැකි විය. ඔහුට සියලු දෙනා විසින්, විශේෂයෙන් මා විසින් ආදරය කරන ලද අතර අගය කරන ලදී, දැන් ඔහු තවදුරටත් අප සමඟ නැත. මෙලනියා සහ මගේ අනුකම්පාව ඔහුගේ ලස්සන බිරිඳ එරිකා සහ පවුලේ අයට පිරිනමයි. චාලි, අපි ඔබට ආදරෙයි!”

එම අවස්ථාවේ වීඩියෝවේ දැක්වෙන්නේ කර්ක් එළිමහන් විවාදයකදී විශාල පිරිසක් අමතමින් කතා කරන ආකාරයයි. එහිදී ඔහු තම දේශපාලන හා සංස්කෘතික අදහස්වලට අභියෝග කරන ලෙස සිසුන්ට ආරාධනා කරයි. එවිට වෙඩි හඬ ඇසෙයි.

Related articles

Recent articles

spot_img