වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බැවින් පසුගිය කාලයේ අලුතින් ලියාපදිංචි කළ වාහන 165,000කට පමණ අංක තහඩු නිකුත් කිරීමේ ගැටලුවක් මතු වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර වැඩියෙන් ම ඇත්තේ යතුරුපැදිය. එය සංඛ්‍යාත්මකව 127,745 කි. මෝටර් රථ 26,894 ක්, ත්‍රිරෝද රථ 5,809 ක්, ද්විත්ව කාර්ය වාහන 1,868 ක් සහ ඉඩම් වාහන 2,122 ක් සඳහා මේ දක්වා අංක තහඩු නිකුත් කර නැත.
අලුතින් ලියාපදිංචි කර ඇති වාහන අතර විදුලි වාහන 25,526 ක් ද ඇත. ඉන් 3,222ක් විදුලි මෝටර් රථ වන අතර, විදුලි ත්‍රී රෝද රථ 155 ක්, විදුලි යතුරුපැදි 22,133 ක් සහ විදුලි වෑන් රථ 05 ක් ද ඇතුළත් වේ.
අංක තහඩු මුද්‍රණය අත්හිටුවා ඇත්තේ පුද්ගලික අංශය මගින් ඒ සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ යාම හේතුවෙනි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් අංක තහඩු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය වෙනත් සමාගමකට පැවරීමට රජය සැළසුම් කර ඇති බවයි.



