හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) තීරණය කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ දී රුපියල් ලක්ෂ 970කට අධික වටිනාකමකින් යුතු බැංකු ගිනුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන හිමිකර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ද කොළඹ මහාධිකරණයේ ඔහු සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබිණි. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ එම වරදට අදාළව ම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බවයි. එබැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩු කටයුත්ත අවසන් කළ හැකි බව ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී.
ඒ අනුව විත්තිකරුවන්ට නියමිත දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් රඹුක්වැල්ල ඇතුළු පවුලේ අයට දැනුම් දෙනු ලැබීය.



