රිමාන්ඩ් භාරයේ පසු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) නියෝග කළේය.
දූෂණ චෝදනාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූ රාජිත සේනාරත්න රුපියල් 50,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.



