බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් සඳහා හෙතෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අද (08) මෙම විනය පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වේ.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය දා බස්රථයක් පෙරැළී ගිය අවස්ථාවේ හෙතම තම ජීවිත අවධානම ද නොතකා විපතට පත් ජනතාව බේරාගැනීමට එම ස්ථානයට ගොස් ප්‍රපාතයට ද බැස රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කර තිබිණි.



