වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ වැව පාරේ දී අද (31) උදෑසන 10.30ට පමණ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මහාධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් පොලිසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. ඔහු සහ තවත් අයකු යතුරුපැදියකින් යමින් සිටිය දී මෝටර් රථයයිකන් පැමිණි පිරිසක් එම යතුරුපැදිය අනතුරට ලක්කර එම දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඇත.
නඩුවට සම්බන්ධ පුද්ගලයා මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා තුවාල සහිතව පළා ගොස් ඇති.
පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබන 09 වැනි දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ බවයි.



