පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට නොකැඳවාම අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව යළි විභාගයට ගැණිනි.
මෙම නඩුවට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා Zoom යෙදුම හරහා සම්බන්ධ කරගැණිනි.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරයේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන, ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ම පෙනී සිටියි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසන්නේ, එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලැබුණු බව පවසමින් රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රයේ සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවරු කරගැනීමට නොහැකි වූ බැවින් ඇප ලබා දීමට තමන් විරුද්ධ වන බවයි.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කියා කරුණු දක්වමින් කියා සිටියේ හිිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘදයේ ප්‍රධාන ධමනි 04න් 03ක් ම අවහිර වී ඇති බවයි. එමෙන් ම මේ වනවිට හිටපු ජනාධිපතිවරයා පෙනහළු ආසාදනයකින් පෙළෙන බවත්, ඔහු කාලයක සිටි වකුගඩු රෝගී තත්වයකින් පෙළෙන බවත්, පවසමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.
ජනාධිපති නීතිඥ තිලක් මාරපන පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයේන ජනාධිපති ලෛ්කම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.
හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් කළ සියලු වියදම් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ දී කිසිදු අවභාවිතයක් සිදුව ඇති බවට තොරතුරු හෙළි වී නැති බවත් තිලක් මාරපන අධිකරණයේ දී කියා සිටියේය.



