දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු විභාගය මේ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත.
රනිල් ජනාධිපතිවරයාව සිටි අවධියේ සිදුකළැයි පැවසෙන මුදල් අවභාවිතාවක් සම්බන්දව පසුගිය සිකුරාදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අත්අඩංගුවට පත් හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව සමීප නිරීක්ෂණ සඳහා යැයි පවසමින් එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරිණ.
රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා අද උසාවියට ඉදිරිපත් නොකෙරෙනු ඇති.



