හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිිංහ වහාම නිදහස් කරන්න යැයි රජයට බල කරමින් ගාල්ල නගරයේ දී අද (25) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.
“බැරිකම වසා දැමීමට මර්ධනය කැඳවීම වහා නවත්වනු” “ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු” වැනි සටන් පාඨ කියමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය “දකුණේ විරෝධය” ලෙස නම්කර තිබිණි.
මෙම විරෝධතාවය සඳහා විපක්ෂය නියෝජනය කරන පිරිස් රැසක් සහභාගී වී සිටි අතර “දිනන දකුණ” සංවිධානය විසින් එය සංවිධානය කර තිබිණි.





