රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධානාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත අද (23) සවස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
එහි සිටින හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඡායාරූපයක් ද සිය facebook ගිනුමේ පළකරමින් සඳහන් කර ඇත්තේ සංකූලතාවක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට වෛද්‍යවරු ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.



