ගිලීගිය ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා යාත්‍රා කරමින් තිබූ “ටයිටන්” සබ්මැරීනය පුපුරා ගියේ එහි ප්‍රධාන කොටස එවැනි ගමනකට සුදුසු පරිදි ඉදිකර නොමැතිවීම, ඒ සඳහා ප්‍රමාණවත් සැළසුමක් නොමැතිවීම සහ පරීක්ෂණ මෙහෙයුම් නොපවත්වා තිබීම යන කරුණු හේතුවෙන් බව ඒ සම්බන්ද නිකුත්කෙරුණු නවතම වාර්තාවකින් ආනවරණය කර තිබේ.
එම වාර්තාව සකසා ඇත්තේ ඇමෙරිකානු වෙරළආරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය විසිනි.
පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවූ ටයිටන් අනතුර සඳහා එම සබ්මැරීනය යොදාගත් සාමගම වන “ඔෂන්ගේට්” සමාගම වගකිව යුතු බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත. අනතුර වළක්වාගැනීමට ඉඩ තිබූ බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
2021, 2022 සහ 2023 ආරම්භය පුරා පරීක්ෂණ කිමිදුම් අවස්ථාවල දී එම සබ්මැරීනයේ තාක්ෂණික ගැටලු සහ නඩත්තු ගැටලු තිබූ බව ද අනාවරණය වී ඇත.
එක්සත් ජනපදයේ නිපදවන සියලුම ගිල්විය හැකි ද්‍රව්‍ය ඒකාකාර ප්‍රමිතීන් යටතේ ඉදිකර නඩත්තු කළ යුතු බවට නව රෙගුලාසියක් පැනවිය යුතු බව ද වාර්තාවේ සඳහන් කර ඇත.



