ගොඩයන්නට හදන්නේ සංචාරක ව්‍යාපාරයෙන් නම් හීන ඇත්ත කරගත හැකි ආකල්ප වෙනසක් අවශ්‍යයි…!
ඉතිහාසයේ රට ආරථික සංවර්ධනයක් අත්පත් කරගත් සෑම අවස්ථාවකම දකින යමක් තිබේ. එනම් පාලකයින් මෙන්ම රටේ ජනතාව ද සමාජ ආර්ථික වශයෙන් පටු චින්තන සීමා තුළ විලංගු ලාගෙන නොසිටි බවය. පුළුල් මනසකින් ලෝක සමාජ ආර්ථික තත්ත්වයන් විවරණය කරගත්තවුන් වූ බවය. ඉදිරිය සඳහා එක් පියවරක් හෝ තැබීමට ඉතිහාසයේ විකෘතිය නොව, ඉතිහාසය ගලාගෙන පැමිණි යථාර්ථය කියවා තේරුම් ගත යුතුව ඇත. අප යළිත් මේ අවස්ථාවේ අත් දකිමින් ඉන්නේ ඉතිහාසයේ යථාර්ථය ය.
ඉතිහාසයේ රට ආරථික සංවර්ධනයක් අත්පත් කරගත් සෑම අවස්ථාවකම දකින යමක් තිබේ. එනම් පාලකයින් මෙන්ම රටේ ජනතාව ද සමාජ ආර්ථික වශයෙන් පටු චින්තන සීමා තුළ විලංගු ලාගෙන නොසිටි බවය. පුළුල් මනසකින් ලෝක සමාජ ආර්ථික තත්ත්වයන් විවරණය කරගත්තවුන් වූ බවය. ඉදිරිය සඳහා එක් පියවරක් හෝ තැබීමට ඉතිහාසයේ විකෘතිය නොව, ඉතිහාසය ගලාගෙන පැමිණි යථාර්ථය කියවා තේරුම් ගත යුතුව ඇත. අප යළිත් මේ අවස්ථාවේ අත් දකිමින් ඉන්නේ ඉතිහාසයේ යථාර්ථය ය.
අත පෙවිය හැකි දුරක වූ අතීතයේ මෙතෙක් සිදුනොවුන ආකාරයෙන් අපේ සිහින පරඬැල්ව ගියේය. යළි පණ පොදක් එනු ඇතැයි නොසිතෙන ආකාරයට රටේ ආථිකය බිඳී ගියේය. රට ලෝකය ඉදිරියේ බංකොලොත් භාවය ප්‍රකාශ කළේය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හා එක්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් වී ඇති වටපිටාවක අප ලෝකය අභිමුව වැටි වැටී නැගී සිටීමට වැඩි විශ්වාසයක් තැබුවේ සංචාරක ව්‍යාපාරය කෙරෙහිය. එය විෂය කරගෙන දියත් කළ යුතු සංවර්ධන ව්‍යාපෘති රජයක රාජ්‍ය භාරයෙන් පමණක් ලෝකයේ කිසිම තැනක සිදුවන්නේ නැත. එය ජාතික අභිලාෂයක් උපක්‍රමිකව කුළු ගැන්වෙන පුද්ගලික ව්‍යාපාරික සැලසුමකි.
එබැවින් ලෝකය හා තරග කර සංචාරක ව්‍යාපාරයේ අපේ කොටස අත් පත් කරගැනීම කොම්පැණියක හුදකලා ව්‍යාපාරික කටයුත්තක් ලෙස නොව, ජාතික ව්‍යාපෘතියක් ලෙස දකින්නට තරම් දියුණු ආකල්ප සංවර්ධනයක් ජාතියක් ලෙස අපෙක්ෂා කරන මොහොතක අපි මේ සටහන තබමු. ඒ අර්ථයෙන් අප විශ්වාස කරන පරිදි හෙට 02 දා විවෘත වන CITY OF DREEMS SRI LANKA යනු ජාතියක නව ආර්ථික ප්‍රවේශයේ විශාලම කොටසය.
රටක් ලෙස මෙම අවස්ථාව අප තේරුම්ගත යුතු ආකාරයක් තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට සැලසුම් කර තිබුණත් විශාල ගැනුම් බලයක් සහිත ඉහළම පන්තියේ සංචාරයකින් ආකර්ශනය කරගත හැකි ප්‍රවේශ පහසුකම් රට තුළ වැඩි දියුණු වී තිබුණේ නැත. ඒ ප්‍රවේශය නිර්මාණය කරගැනීමට අවශ්‍ය චින්තන වෙනසක් ඇතිකරගැනීමට තරම් පෞරුෂයක් දේශපාලනයට තිබුණේත් නැත. සංචාරක ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට සමාජ විවේචනයක් ද සහිතව දැන් ඒ ප්‍රවේශය විවෘත වී ඇත.
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන CITY OF DREAMS SRI LANKA නමින් නිර්මාණයවන ජාත්‍යාන්තර තලයේ ඉහළම ප්‍රමිතීන් සහිත ඒකාබද්ධ නිවාඩු නිකේතනය ඒ අවස්ථාව විවෘත කරන්නේ තවත් එක් හෝටලයක් ලෙස නොවේ. එය ආසියාවේ ඇති විශාලම ව්‍යාපෘතියකි. සිංගප්පූරුවත්, මැලේසියාවත් පහුකරගෙන පැමිණ ඇති එම දැවැන්ත ව්‍යාපෘතිය අසල්වැසි ඉන්දියාවටත් ඉහළින් සිටිනු පෙනේ.
ආර්ථික විශ්ලේෂකයින්ට අනුව මේ ආයෝජනයත් සමග ශ්‍රී ලංකාව සිටින්නේ පරිවර්තනයක අද්දරය. කොළඹ බේරේ වැවට සහ ඉදිරි මුහුදු තීර දෙසට ව්‍යාප්ත වූ මෙම අභිලාෂකාමී සංවර්ධනය, දූපත් ජාතිය කලාපීය සංචාරක බලාගාරයක් බවට පත් කෙරෙනු ඇති බවට සුභදායී ප්‍රාර්ථනා තිබේ.
රටේ නීති රාමුවට යටත් වී තැනෙනා සුඛෝපභෝගී හෝටල්, කැසිනෝ, සාප්පු මධ්‍යස්ථාන, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සම්මන්ත්‍රණ ස්ථාන සහ අහස උසට විදිහෙන සුඛෝපභොගී මහල් නිවාස සංකීර්ණයන් සහිත ඒකාබද්ධ ආර්ථික ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පූර්ණ වූ පසු, මෙම නවීන සංචාරක නගරය වාර්ෂිකව රටේ ඩොලර් ආදායමෙන් විශාල පංගුවක් උපයා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ එය සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය”ට වඩා සුපිරි සංචාරක ගමනාන්තයක් වනු ඇති බවය. එනම් සිංග්ප්පූරුව හා මැලේසියාව සමග තරඟ කළ හැකි විභවයක් නිර්මාණයවන බවය. සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය” එම රටවල් ආර්ථිකය බලගන්වන බලයකින්ම CITY OF DREAMS SRI LANKA ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් තියනු ඇති බවය.
රැකියා සහ දේශීය අවස්ථා
CITY OF DREAMS SRI LANKA ඇති ක්ෂණික ප්‍රතිලාභවලින් එකක් වන්නේ රැකියා නිර්මාණයය. ඉදිකිරීම් සේවකයින් සහ ඉංජිනේරුවන්ගේ සිට ආගන්තුක සත්කාර කාර්ය මණ්ඩලය සහ සංචාරක මාර්ගෝපදේශකයින් දක්වා, සෘජු හා වක්‍ර රැකියා අවස්ථා දහස් ගණනක් ඒ හරහා විවෘත වෙමින් පවතී. වැඩිවන ඉල්ලුම සහ සංචාරක ගමනාගමනය හරහා ප්‍රතිලාභ ලබන කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාර, ශිල්ප කලා රැකගෙන පැමිණි සම්ප්‍රදායික ශිල්පීන්ගේ සිට ආහාර සැපයුම්කරුවන් දක්වා වූ විශාල පරාසයක් සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය වෙමින් ඇත.
මීට අමතරව, මෙම ව්‍යාපෘතියට වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධන මුලපිරීම් ඇතුළත් වන අතර, ශ්‍රී ලාංකික තරුණයින්ට ආගන්තුක සත්කාර, කළමනාකරණය සහ නිර්මාණාත්මක කර්මාන්තවල වෘත්තීන් සඳහා සූදානම් වීමට අවස්ථාව සැලසෙනු පෙනේ.
යටිතල පහසුකම් සහ ගෝලීය ප්‍රතිරූපය
මෙවැනි මහා පරිමාණ සංවර්ධනයන් අනිවාර්යයෙන්ම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හේතු වේ. මෙම සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් මාර්ග, උපයෝගිතා, අන්තර්ජාල සම්බන්ධතාවය සහ පොදු ප්‍රවාහන පද්ධති වැඩිදියුණු වෙමින් ඇත. ඒ ඔස්සේ ප්‍රධානම ප්‍රතිලාභ ලබන්නෝ රටේ පුරවැසියන්ය.
තවත් ඉතා වැදගත් කතාවක් කිව යුතුව ඇත. රට ලෝකය ඉදිරියේ ඇත්තේ ආර්ථික හා දේශපාලන කැලඹිලිවලින් වැසී ගිය අඳුරු දුර්ගයක් ලෙසය. මේ තත්ත්වය වෙනස් වී නවීන, ස්ථාවර, ආයෝජන-සූදානමක් සඳහා සරු බිමක් සහිත ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ ජාතියේ ප්‍රතිරූපය සංස්කරණය වනු ඇත. මෙම වෙනස දිගුකාලීන ආර්ථික ප්‍රකෘතියක් සඳහා ඉතා වැදගත් වනු ඇත.
අප කියන්නේ අතීතයේ උත්කර්ෂවත් ගොවිජන ආර්ථිකයේ ප්‍රශස්ථිය යට සඟවා තැබූ වෙළෙඳ ආර්ථිකයේ ස්වරූපය පැතිරී ගිය අවබෝධයකින් යුතුව රට තුළ ස්ථාපිත විය යුතු බවය. ඒ සඳහා සමාජය තුළ ගොඩනැගෙන සාධනීය විවේචනය ද පිළිගත යුතුව තිබේ. මෙතෙක් අප අත් දුටු යථාර්ථය අනුව මත්තල ගුවන්තොටුපල වැනි ඩොලර් බිලියන ගණන් යට කළ මෙගා ව්‍යාපෘති බදු ගෙවන්නාට කිසිදු සහනයක් නොසලසා රටේ ණය බර දරාගත නොහැකි සේ වැඩි කළ වේදනාව තවමත් අපට දැනෙන නිසාය. ඓතිහාසිකව විවිධාංගීකරණය වූ කාර්මික පදනමක් නොමැති බැවින් මෙවැනි අභිලාෂකාමී ව්‍යාපෘති කෘතහස්ථ පරිපාලනයකට යටත් නොවුනහොත් ආර්ථිකයට අයහපත් වනු ඇති බවට ද සංවාදයක් තිබේ.
කොළඹ ඉහළ වටිනාකමක් ඇති ආයෝජන ආධිපත්‍යය දරන බැවින්, ශ්‍රී ලංකාවේ ඉතිරි කොටස තවදුරටත් ආන්තිකකරණය වීමේ අවදානමක් ගැන සමාජ විචාරකයෝ කියති. මේ තත්ත්වය තුළ යම් අවදානමක් වේ නම් එය තුළනය කිරීමට රාජ්‍යය, පුද්ගලික ව්‍යසායකයා සමග ගැඹුරු අවබෝධයක් සහිත ගිවිසුමක සිටිය යුතු බව ප්‍රාමාණිකයන්ගේ හැඟීමය.
මතුවන්නට නියමිත ඇති කැසිනෝ වැනි සූදු සම්බන්ධව විරෝධය ගැන නම් මීට වඩා ගැඹුරු අවබෝධයක් සමාජයට තිබිය යුතුව ඇත. සංචාරක ව්‍යාපාරය රට ගොඩගැනීමට තෝරාගත් ප්‍රමුඛතම ප්‍රවේශය සංචාරක ව්‍යාපාර නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් රටේ නීති රාමුව තුළ ගොඩනැගීම කාගේත් වගකීමය. එහි මුල් සාමාජිකයන් වීමේ ගෞරවය පුරවැසියන් ලෙස අප සතුව තිබිය යුතු බව විශ්වාස කරමු.



