රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න මුහුදේ ඊයේ රාත්‍රී 11.24ට පමණ සිදු වූ රිච්ටර් මාපාංක 8.8ක භූමි කම්පාවකින් පසු අඩි කම්චැට්කා වෙරළේ 13ක් පමණ (මීටර 4) ක් උසැති සුනාමි රළ ඇති වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවූ බවත්, වෙරළ තීරයේ ජනතාව ඉවත්කිරීමට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවත් පැවසේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රුසියාවේ පෙට්‍රොපවුලොවුස්කි – කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීට 19ක් ගැඹුරින් මෙහි අපි කේන්ද්‍රය පිහිටා ඇති බවයි.
ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවලින් ද ඉවත් කිරීම් සිදු වෙමින් පවතී. ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහාත්, ඇලස්කාවේ ඇලූටියන් දුපත් සහ හවායි දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් වෙත සුනාමි රළ තුනක් බලපෑ අතර, ඉන් අවසන් රළ පහරින් වරාය යටිතල පහසුකම් වලට හානි සිදු වූ අතර නැංගුරම් ලා තිබූ නැව් කිහිපයක් සමුද්‍ර සන්ධියට ඇද දමන ලදී.
තුන්වන රැල්ල “බලවත්” බව ප්‍රාන්තයේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.
රළ පහරින් නගරයේ කොටසක් ජලයෙන් යට වී ඇති බවත් පදිංචිකරුවන් කන්දක් මත රැස්ව සිටින අතර සුනාමි තර්ජනය අවසන් වන තුරු එහි රැඳී සිටිනු ඇතැයි TASS පැවසීය.
පේරු සහ ඉක්වදෝරයට ඔබ්බෙන් පිහිටි ගැලපගෝස් දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එහිදී සමහර “වැළැක්වීමේ” ඉවත් කිරීම් සිදුවෙමින් පවතී.



