රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා නිකුත් කරන ස්ථානීය දඩ මුදල් GovPay යෙදුම හරහා ගෙවීම අද සිට බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගයේ ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා පොලිසිය විසින් නිකුත් කරන ලද ස්ථානීය දඩ මුදල් ගෙවීම අද සිට GovPay යෙදුම භාවිතයෙන් සිදුකළ හැකිය.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ජූලි මාසයේදී ගෙවීම් පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගයේ ස්ථානීය දඩ මුදල් සඳහා GovPay යෙදුම හඳුන්වා දෙන ලදී.
මෙම ක්‍රමයේ පළමු අදියර ලෙස, බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල පොලිස් ස්ථාන ආශ්‍රිතව දියත් කර ඇත.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම පද්ධතිය රට පුරා දියත් කිරීමට ICTA අපේක්ෂා කරයි.



