-5.2 C
New York

දේශබන්ධු වැරදිකරුයැයි පාර්ලිමේන්තු කමිටුව කියයි

Published:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා, විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අදාල කමිටු වාර්තාව මඟින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බව කථානායකවරයා ප්‍රකාශ කළේය. 

එම වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් එහිදී තීරණය විය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කළහ.

පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළ අතර ජුලි 16 වැනිදා සිට කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

Related articles

Recent articles

spot_img