පවතින අයහපත් කාළගුණික තත්ත්වය සැළකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහල යා හැකි බවයි. එසේම මුහුදු රළ මීටර් 2.5 සිට මීටර් 3 දක්වා ඉහල යෑමේ අවධානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් නැවත දැනුම් දෙන තුරු අවදානම් ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසද අනෙකුත් ප්‍රදේශවල ධීවරයන් ද කාළගුණික තත්ත්වය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



