ඇමරිකාවේ West Texas Intermediate (WTI) සමාගමෙන් බොරතෙල් මිලදී ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින වෙළඳ හිඟය අඩුකර ගැනීම එහි අරමුණයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මේ බව තහවුරු කරමින් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවයි.
ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන බව හෙතෙම පැවසුවේය.
මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයට එළැඹෙනු ඇතැයි ද ඔහු පැවසීය.