පොලිස් නිලධාරීන්ගෙන් සියයට 40ක් පමණ බෝනොවන රෝග වලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී හෙතෙම මෙසේ ද සඳහන් කළේය,
“පොලිස් නිලධාරීන්ගෙන් 20%ක් 40%ක් අතර ප්‍රමාණයක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා. තවම පරික්ෂා කිරීම් කරලා ඉවර නැහැ. සියයට 30ක වගේ ප්‍රමාණයක් තමයි යම්කිසි හොඳ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ. සමහර නිලධාරීන්ට ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එක්ක යම් යම් බෝනොවන රෝග වැළඳිලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නිලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට දෙන්න, ඒ සම්බන්දව මේ වනවිට කටයුතු කරමින් පවතිනවා.
පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා”
පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව ද එහිදී වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.



