-5.2 C
New York

ස්මාට් කානුවෙන් ලොව දිනූ නදීශා දිවයිනට

Published:

2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පසුගියදා පැවත්වූ මෙම සම්මාන උළෙල සඳහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි. ඒ සඳහා නදීශා ඇතුළු කණ්ඩායම විසින් ඉදිරිපත්කර තිබූ ස්මාට් කානු පදධතිය සම්මානයට පාත්‍ර විය.

දිවයිනට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න කටුනායක ගුවන්තොටුපලේදී අදහස් දක්වමින් පැවසුවේ මෙම කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන,

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 වසරේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා. තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ එසේ සිරවන පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර බාධාවකින් තොරව දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන්න සලස්වන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”

නදීශා පවසන්නේ මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාලනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ඇති බවයි.

මෙම සම්මානය නවොත්පාදන ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන බැවින් එම ක්ෂේත්‍රයේ කිසියම් රටකට හෝ පුද්ගලයෙකුට දිනාගත හැකි ඉහලම සම්මානය වන්නේ ද මෙයයි.

Related articles

Recent articles

spot_img