-5.2 C
New York

සඳෙහි අඳුරු පැත්තේ, තොරතුරු එළියට

Published:

චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශවල ගිනිකඳු ක්‍රියාකාරකම්, චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ද අනාවරණ වී ඇතැයි චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) ප්‍රකාශ කළේය.

ඔවුන් මේ බව කියා සිටියේ, Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශවල පස් සාම්පල යොදා ගනිමින් සිදු කළ පර්යේෂණවල ප්‍රගතිය මාධ්‍යවෙත අනාවරණය කරමිනි.

චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශවල සිදුවන භූවිද්‍යාත්මක විපර්යාස පිළිබඳ තොරතුරු ලබාගැනීමට මේ පර්යේෂණ මගින් හැකියාව ලැබී ඇතැයි ද චීන විද්‍යා ඇකඩමිය පවසයි.

Related articles

Recent articles

spot_img