-0.8 C
New York

සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි

Published:

මෙරට දී වැට් බදු ගෙවූ විදේශිකයන්ට, එම වැට් බදු නැවත ලබාගැනීම සඳහා වූ කවුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරම්භ කර තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ද ඊයේ මෙම කවුළුව විවෘත කිර‍ීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් දින 90කට වඩා කාලයක් රැඳී සිටින්නේ නම් ඔවුන් රුපියල් 50,000.00 ඉක්මවා වැට් බදු ගෙවා ඇත්නම් එම මුදල ආපසු ලබාගැනීමට ඔවුන්ට මෙමගින් අවස්ථාව උදාකර දී ඇත.

මැණික් හා ස්වර්ණාභාරන අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශ විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ක්‍රමය සැකසූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, සංචාරකයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් මෙම සේවාව ආරම්භකරන බවයි.

Related articles

Recent articles

spot_img