ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සූකර උණ සීඝ්‍රයෙන් පැතිරයන බවත්, මේ වනවිට ඌරන් සහ වල් ඌරන් 67,000කට අධික ප්‍රමාණයකට එය ආසාදනය වී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සූකර උණ මාරාන්තික රෝගයකි. එහි මරණ අනුපාතය 100%කි.
සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පවසන්නේ සූකර උණ පැතිරෙන ප්‍රදේශවල ඌරන් සහ ඌරුමස් නිෂ්පාදන ප්‍රවාහනය, විකිණීම සහ සතුන් ඝාතනය කිරීම පාලනයට දැඩි පියවර ගෙන ඇති බවයි.
සූකර උණ ඇතිකරන වයිරසය බස්නාහිර, ඌව, උතුරු සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් 2024 වර්ෂයේ සිට වාර්තා විය.