8.6 C
New York

එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි

Published:

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පිටත්ව ගිය බහුදින යාත්‍රාවක් වෙරළට සැතපුම් 07ක් පමණ ඈත දී වාණිජ නෞකාවක ගැටීම හේතුවෙන් එහි සිටි ධීවරයන් 04 දෙනකු අතුරුදන්ව සිටි අතර අද (28) අතුරුදන්ව සිටි ධීවරයකු බෝට්ටුවේ ම සිරවී සිටිය දී සොයාගෙන තිබේ. සවස් වනවිට ධීවරයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබිණි. ඒ අනුව තවත් ධීවරයකු අතුරුදන්ව සිටියි.

එම ධීවර යාත්‍රාවෙන් ධීවරයන් 05 දෙනකු මුහුදු ගොස් ඇති අතර අනතුරට පත්වූ අවස්ථාවේ දී ඉන් එක් අයකු දිවි ගලවාගෙන තිබිණි.

මේ අතර බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි අළුත්ගම පදිංචි නදුන් කුමාර සහ දුමින්ද කුමාර යන සොහොයුරන් දෙදෙනා ද අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (27) නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක මරක්කළහේ මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි එම යාත්‍රාවේ හිමිකරු පැමිණ ඊයේ රාත්‍රී දික්වැල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඉසුරු නමැති එම බහුදින යාත්‍රාව පසුගිය 17 වැනිදා නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත.

Related articles

Recent articles

spot_img