spot_img

පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්

පුවත්

විදෙස්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරාගැනීමේ ආරම්භක සභාවාරයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් දෙදෙනකු අද (27) කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ගාල්ල දෙවට ප්‍රදේශයේ දමා ගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ තකං‍කේ, නිවිතිවැල්බොක්ක පදිංචි රණරෝල්ගේ අජිත් ප්‍රියන්ත සහ කනංක කඩවීදිය පදිංචි රණවක ආරච්චිගේ කමණිමාලා යන දෙදෙනාය.

මොවුන් දෙදෙනා අද (27) උදෑසන ත්‍රී රෝද රථයකින් වැලිගම ප්‍රාදේශීය සභාවට එමින් සිටිය දී ඔවුන් ගමන්ගත් ත්‍රී රෝද රථයට පිටුපසින් පැමිණි කැබ් රියක් ත්‍රී රෝද රථය අවහිරකර නවතා එහි සිටි සභිකයන් දෙදෙනා රථයෙන් බස්සවා දෑස් බැඳ කැබ් රථයට නංවාගෙන ගොස් ඇත.

එම ත්‍රී රෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ එම සභිකවරියගේ සැමියා විසිනි. මේ සිද්ධිය කිසිවකුට නොකියන ලෙස ද ඔහුට තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එලෙස රැගෙන ගිය දෙදෙනා නිවසකට ගෙනගොස් දෑස් බැඳ තිබූ රෙදිපටි ඉවත්කර ඔවුන්ගේ ජංගම දුරකථන ලබාගෙන නැවත කැබ් රථයේ ම නංවාගෙන ගාල්ල දෙවට ප්‍රදේශයට ගෙනවිත් දමා ගිය බව ද පැහැරගැනීමට ලක් වූ බව කියන රණරෝල්ගේ අජිත් ප්‍රියන්ත කනංකේ පොලිසියට කරන ලද පැමි‍ණිල්ලේ සඳහන් කර ඇත.

පසුව ඔවුන් දෙදෙනා වෙනත් ත්‍රී රෝද රථයක නැගී සභිකවරිය තාවකාලිකව පදංචි අහංගම නිවසකට ගිය බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles