spot_img

අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි

පුවත්

විදෙස්

අපයෝජනයට ලක්වන ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමට රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ මීට වසර 11ට පෙර ස්ථාපිත කර ඇති ඒකකයෙන් කිසිම සාක්ෂියක් පටිගත කර නැතැයි අනාවරණය විය.

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ එවැනි වීඩියෝ සසාක්ෂි පටිගත කිරීම සඳහා පිහිටුවන ලද තුන්වැනි මධ්‍යස්ථානයයි. මීට පෙර කොළඹ සහ රාගම වෛද්‍ය පීඨවල මෙවැනි ම ඒකක ස්ථාපිත කර තිබිණි.

මෙම ඒකකය 2014 සැප්තැම්බර් මස 29 වැනි දින ස්ථාපිත කරන ලද අතර  ළමා ආරක්ෂණ අධිකාරිය එකළ කියා සිටියේ ළමා අපයෝජන සිද්ධි 6,000කට පමණ අදාළ නඩු විභාග වෙමින් පවතින බැවින් එම නඩු කඩිනමින් අවසන් කිරීමට මේ ඒකකය පිටිවහළක් වන බවයි.

අපයෝජනයට ලක්වන ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමට පළාත් මට්ටමින් ඒකක 09ක් ස්ථාපිත කිරීමට ද ඒ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.

ළමයින් බහුල වශයෙන් අපයෝජනයට ලක්වන්නේ 90%ක් පමණ ම තමන් දන්නා හඳුනන අයගෙන් බවත්, තමන්ට සිදු වූ අතවරය පසුව දරුවන්ට අමතක වන නිසා සහ එම සමීපතම වැඩිහිටියන් විසින් කරුණු වෙනස් කිරීම නිසා මෙම වීඩියෝ පටිගත කිරීම් මගින් ලබාගන්නා සාක්කි ලේඛනයක් ලෙස නීතිපතිට යවන බව ද එකළ පැවසිණි. එමෙන්ම නඩු ප්‍රමාද නොකර පවත්වාගෙන යෑමට මෙය මහත් රුකුලක් බව ද කියවිණි.

නමුත් එම ඒකකය ආරම්භ කර වසර 11ක් ගතවන තුරුම එම ඒකකය මගින් කිසිම ළමයකුගේ සාක්ෂි වීඩියෝ ලබාගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles