-5.2 C
New York

ගාල්ලේ ගල උඩ සටන අද

Published:

ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය. සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එහි නගරාධිපතිවරයා සහ උප නගරාධපතිවරයා තෝරා ගැනීම අද (20) විශේෂ කොමසාරිස් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයන් 17 දෙනෙක්, සමගි ජන බලවේගයෙන් සභිකයන් 09 දෙනෛක්, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 05 දෙනෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 දෙනෙක් සහ පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයන් 02ක් පත්ව සිටිති.

Related articles

Recent articles

spot_img