-0.6 C
New York

අභියාචනාධිකරණ සභාපති සහ මහාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනකු පත්කරයි

Published:

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ට අතිරේක ස‍ොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසූරිය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ ද  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් කාර්යාල‍ෙයේ පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද සහභාගී වී සිටියේය.

Related articles

Recent articles

spot_img