-0.6 C
New York

වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාව පොහොට්ටුවට

Published:

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ බලය තහවරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ සහ සමගි ජන බලවේගය අද (18) සමත්විය.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික පෝද්දිවල මාරගේ වසන්ත සහ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ සභික පී.එච්.තුසිත චාමර පත්වූහ.

සභික ධූර 15කින් යුතු වැලිවිටිය දිවිතුර ප්‍රාදේශී්‍ය සභාවේ බහුතර බලය කිසිම පක්ෂයකට හිමිනොවූ අතර ජාතික ජන බලවේගයට සභිකයන් 07ක් සහ සෙසු පක්ෂවලට සභිකයන් 08ක් හිමිව තිබිණි.

ඒ අනුව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් විසින් අද සභාව රැස්කරන ලද අතර එහි දී සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට යෝජනා විය. සභිකයන් අට දෙනකු විසින් සභාපති තෝරාගැනීම සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව කියා සිටියෙන් විවෘත ඡන්දයක් පැවැත්විණි.

එම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ පී.එම්.වසන්තට ඡන්ද 08ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයේ සභිකයාට හිමිවූයේ ඡන්ද 07කි. පසුව උප සභාපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම සඳහා ජාතික ජනබලවේගයෙන් සභිකයකු ඉදිරිපත් නොවූ බැවින් සමගි ජන බලවේගයේ පී.එච්.තුසිත චාමර උප සභාපති ධූරයට නිතර‍ඟයෙන් පත්විය.

Related articles

Recent articles

spot_img