spot_img
spot_imgspot_img

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනස් කරයි

පුවත්

විදෙස්

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද(17) පාර්ලිමේන්තුවේ දී කී‍වේ ය. තානාපති කාර්යාලයේ කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් යකුගේ තත්වය බරපතල බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන අය බවත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉරානය තුළ සිටින්නේ ශ්‍රී ලාංකිකයන් 35 දෙනකු පමණක් බවත්, ඉන් 08 දෙනකු ම ඉරාන ජාතිකයන් සමඟ විවාහ වූවන් බවත්, ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 20,000කට වඩා සිටින බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරටට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles