කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය.
කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිධූරයට ජාතික ජන බලවේගයෙන් ව්‍රායි බර්තසාද්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගයේ සභිකයකුගේ ද නම යෝජනා විය.
එහි දී රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි යෝජනා කෙරිණි. නමුත් සමගි ජන බලවේගය ඉල්ලා සිටියේ විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවයි.
විශේෂ කොමසාරිස් සාරංගිකා ජයසුන්දර දිගින් දිගමට කියා සිටියේ නගරාධිපති තෝරාගැනීමේ ඡන්දය පවත්වන්නේ රහස් ඡන්දයක් ලෙස ද නැද්ද යන්න තීරණය කිරීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවාද සිදු වූ අතර පසුව දෙපාර්ශවයම ඡන්දය පවත්වන ක්‍රමය සඳහා පවත්වන ක්‍රමය සඳහා ඡන්දයක් නොපවත්වා සෘජුව ම නගරාධිපති තෝරාගැනීමට තීරණය විය.
ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ව්‍රායි බර්තසාද්ට ඡන්ද 61ක් ලැබුණු අතර අනෙක් අපේක්ෂකයාට ඡන්ද 54ක් ලැබී තිබිණි. සභිකයන් දෙදෙනකු ඡන්දය දී තිබුණේ නැත.