යුද ගැටුම්වලට මැදිවන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විශේෂයෙන් සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුද ගැටුම් නිසා කිසියම් ශ්‍රී ලාංකිකයකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබේ නම් තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මිසයිල ප්‍රහාර හමුවේ සුළු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇත්තේ අද (15) උදෑසන දී ය.
මේ අතර ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථාන වලින් ඉවත්වන ලෙස ඊශ්‍රාලය විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.
තම ජීවිත ආරක්ෂිත කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස ඉරාන වැසියන්ට දැනුම් දී ඇති ඊශ්‍රායල ආරක්ෂක බලකාය යළි දැනුම් දෙන තුරු එම ස්ථාන වලට පැමිණිමෙන් වලකින ලෙස අනතුරු අගවා ඇත.
ඊශ්‍රායලයේ මෙම අනතුරු ඇගවීම , ඉරානය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට වන සංඥාවක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වා දී තිබේ.
ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයටම ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ දිනයේ ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුන හොත් තම ප්‍රහාර තීව්‍ර කරන බව ඉරානය අනතුරු අගවා ඇත.