ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් දරුවකු ඇතුළු 07 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ වනාන්තර ප්‍රදේශයකට ය.
උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 5.20ට පමණ බවයි. අනතුර සිදුවන අවස්ථාවේ දී නියමුවා ඇතුළු මියගිය පිරිස උත්තරාකණ්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට සහ ගුජරාටි ප්‍රදේශවල අය බව ද අනාවරණය වී ඇත.
තාක්ෂණික දෝෂයක් සහ කාලගුණික තත්වයන් මෙම අනතුරට හේතුවන්නට ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍යයට පවසා ඇත.