යාපනය, ඉරුපලේ, මඩතඩි ප්‍රදේශයේ දී ඊයේ (14) සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි කෝපායි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක තිදරු පියෙකි. දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
කෝපායි පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බවයි.
ප්‍රසන්න ප්‍රදීප් විසිනි



