-0.3 C
New York

සමගි ජන බලවේගය කඩුගන්නාවේ සහ අකුරණ බලය අල්ලයි

Published:

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බලයක් හිමිව තිබූ කඩුගන්නාව නගර සභාවේ සභාවේ බලය අල්ලාගැනීමට සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායමක් සමත්විය. අද (12) එහි නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ ලක්ෂිත අබේරත්න නගරාධිපතිධූරයට පත්වූයේ ය.

සමගි ජන බලවේගයට වැඩි බහුතරයක් හිමිව තිබූ අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඉෆ්තිහාර් ඉමාමුඩින් අද සිය ධූරයේ වැඩ භාරගත්තේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාව සහ අකුරණ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන දෙකෙහිම බලය හිමිවූයේ සමගි ජන බලවේගයටයි.

Related articles

Recent articles

spot_img