spot_img

ගෙදරක් ගිනි තැබූ භූතයා ඇල්ලූ මෙහෙයුම

පුවත්

විදෙස්

තැන තැන ගිනි ඇවිලෙයි.

නිවැසියෝ භියෙන් ත්‍රස්තව සිටිති.

වරෙක ගිනි ගන්නේ ඇඳුම් ගොඩකි. තවත් විටෙක මේස රෙද්දකට ගිනි ඇවිලෙයි.

ඉන් පසු නිවස ඉදිරිපිට තබා තිබූ කොළ කැබලි කිහිපයකට ගිනි ඇවිලී යයි.

නිවස විශාලා මහනුවර තිබූ නිවසක් වැනියැයි එය බැලු විට අපට සිතේ. නිවසේ බඩු මුට්ටු සියල්ල එළියට ඇද දමා ඇත. පුටු, මේස එකිනෙක ගැටගසා ගොඩගසා ඇත. ඇඳුම් පැළඳුම් තැන තැන දමා තිබේ.

zzභූතයෙක් අපේ ගේ තැන තැන විටින් විට ගිනි තියනවා.ZZ

භූත දෝශයකින් හැර මෙවැනි දෙයක් සිදු නොවිය හැකි බව නිවැසියන් පමණක් නොව අවට ගම්වැසියෝ ද ඥාති හිත මිත්‍රාදීහු ද කියති.

භූතයා පලවා හැරීමට තොවිල් පවිල් ද කෙරිණි. ඒ සෑම අවස්ථාවකදීම භූතයා යම් තරමකින් පසු බා ගිය ද නැවත දින දෙක තුනකින් නිවසට අරක් ගනී.

මේ පද්මසේනගේ නිවසයිග

ඔහුගේ බිරිඳ සුමනා ය, සුමනාටත් පද්මසේනටත් දරුවන් තිදෙනෙකි. ඒ දියණියක් හා පුතුන් දෙදෙනෙකි. දියණිය රංසි ය. වැඩිමල් පුතා සංජික ය. බාලම පුතු තවමත් මාසය හතක අත දරුවෙකි. මේ දෙදෙනා ම පාසල් යන්නෝය. පුතා පවුලේ දෙවැන්නාය.

පද්මසේන ව්‍යාපාරිකයෙකි. ලොරියක් හා තවත් වාහන දෙක තුනකට හිමිකම් කියන පද්මසේන යහමින් මුදල් උපයාගත්තේය. හම්බන්තොට දිස්ති්‍රක්කයේ ඈත එපිට ගම්මානයක උපන් ඔහු වැලිගමට පැමිණියේ දැනට මාස කිහිපයකට පෙරාතුවය. ඒ බිරිඳගේ මව අසනීප වීම හේතුවෙනි. ඒ සමගම සිය ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීමට සිතූ පද්මසේන වැලිගම පදිංචියට තෝරාගත්තේය. මේ අතරම ඔහු සිය ගමේ ගොවිතැන් කටයුතු ද නොපිරිහෙලා ඉටු කළේය.

දරුවන් ගමේ පාසලෙන් ඉවත්කොට වැලිගම පාසලකට යැවීමට ද මේ දෙන්න දෙමහල්ලෝ කටයුතු කළහ.

අම්මාත් තාත්තාත් නිවසේ සිටිය ද දරුවන් වැඩිම ඇගෑළුම් කම් දක්වන්නේ සිය මිත්තනියටයි. ඇය අසළ නිරන්තවර ම දැවටෙන දියණිය අත්තම්මාගේ කතන්දර ඇසීමට දැඩි කැමැත්තක් දැක්වූවාය. අත්තම්මාටත් දියණිය නැතිව මොහොතක් හෝ ගත කිරීමට හැකියාවක් ලැබුණේ නැත. 

නිවසේ සාමයත් සතුටත් මනාව පැවතියේය. හම්බන්තොට ඉඩම් ගණනාවකට හා නිවසකට හිමිකම් කියූ පද්මසේනගේ අදහස වූයේ බිරිඳගේ මහ ගෙදර තමන් තාවකාලිකව පදිංචි වුව ද ඇගේ නැගණිය නමට ගෙයත් ඉඩමත් ලිවිය යුතු බවයි. මේ අදහසට අන් අයගේ ද කැමැත්ත ලැබිණි. එය කි්‍රයාත්මක වීමට ද වැඩි කාලයක් ගියේ නැත.

මේ අතර සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත දෙයකි. ඒ සුමනාගේ මව හෙවත් දියණියගේ මිත්තණිය මිය යාමයි. මේ මරණය පවුලේ බොහෝ දෙනකුට විශාල බලපෑමක් එල්ල කරන්නට හේතුවක් වී තිබිණි.

දියණිය රංසි මේ මරණය ගැන වඩාත් කණගාටුවෙන් පසුවූවාය. ඇය සිය මිත්තණියගේ මරණයත් සමගින් වැඩි කාලයක් ගත කළේ තනියම කල්පනා කරමිනි. ඒ මරණය ඇගේ සිතේ කාංසිය වැඩිකරන්නට ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ.

මිය ගිය ආත්තම්මාගේ තුන් මාසයේ දානය අවසන් වුව ද ඇගේ හැසිරීමේ වැඩි වෙනසක් වූයේ නැත.

දිනක් හදිසියේම නිවසේ කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි ඇය කීවාය.

පුදුමයකි. පද්මසේනට ද යමක් පිළිස්සෙන ග`ද දැනෙයි. දියණිය පවසන්නේ සත්‍යයකි. වහාම ගෙතුලට දිව ගිය පද්මසේන ගිනි ගනිමින් තිබූ මේස රෙද්ද නිවා දැමුවේය.

මෙය ගිනි ගත්තේ කෙසේ ද කියා සොයා ගැනීමට ඔහු කොතෙක් උත්සාහ දැරුව ද එයින් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. දින කිහිපයක් ගෙවී ගියේය.

zz කාමරේ ගිනි ගන්නවා . කාමරේ මහ ගින්නක් ZZ යනුවෙන් දියණිය කෑ ගැසුවාය.

සාලයේ පුටුවක අසුන් ගෙන සිටියදී මවත් පියාත් දුටුවේ දියණිය පවසන කරුණ සත්‍යයක් බවයි. නිවසේ එක් බිත්තික ඈතින් පෙනෙන ගිනි දැල් කිහිපයක ඡායාවක් දක්නට ලැබේ. වහාම කාමරයට දිව ගිය ඔවුන් දුටුවේ ඇඳක් ගිනි ගනිමින් තිඛෙන බවයි.

zz දුව කොහොමද ගින්න ගැන දැනගත්තේ ? ZZ මව ඇසුවාය.

මට කවුදෝ රහසින් වගේ කිව්වා කාමරේ ගින්නක් කියා. මම ඒ වෙලාවේම තමයි කෑ ගහලා කිව්වේ.

ඒ දියණිය රංසිගේ පිළිතුරයි.

මෙ ගින්න ඇතිවී ගතවූයේ දින දෙකක් පමණි. යළිත් වතාවක් අන්න ඇඳුම් ගිනි ගන්නවා යැයි දියණිය හදිසියේම කෑ ගසන්නට වූවාය. කාමරයට දිව ගොස් බලද්දී නිවසේ සියළු දෙනාගේ ඇඳුම් ආයිත්තම් දමා තිබූ අල්මාරියේ බුර බුරා නැගෙන ගින්නකි. වතුර බාල්දි කිහිපයක් ගෙනවිත් දමා යන්තම් ගින්න නිවා දමද්දී අල්මාරිය නැවත භාවිතයට ගත නොහැකි තරමට ම ගිනිගෙන තිබිණි.

දිගින් දිගටම මෙවැනි ගිනි ගැනීම් සිදුෙමින් තිබිණි. ගෙදර දොර ජනෙල්වලට දමා තිබූ රෙදි වරින් වර ගිනි ගෙන විනාශ වී ගියේය. නිතර නිතර ඇඳුම් ගිනි ගත්තේය. මේ සියල්ල සිදුකරන්නේ හදිසියයේ ම  මිය ගිය අත්තම්මාගේ ආත්මය විසින්යැයි ද ගම පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

නිවැසියෝ ද එය යම් තරමකින් විශ්වාස කළහ.

zz අනේ අම්මා මේ වගේ වැඩ කරන එකක් නැහැ. එයා හරිම අහිංසකයි නේ. අපිට කොච්චර ආදරේ ද ? ZZ සුමනා කීවාය.

zz අම්මා ආදරේ නිසා තමයි ආයිත් ඇවිත් තියෙන්නේ. එයාට වුවමානව ඇත්තේ එයත් මේ ගෙදරම ඉන්නවා කියලා පෙන්නලා ඔයාලගේ අවධානය ගන්න ZZ ආගම දහමට ලැදි නිරන්තරවම දෙවියන් බුදුන් සිහිපත් කරන උගතකු කීවේය. ඔහුගේ අදහසට බොහෝ දෙනා ගරු කළහ.

මේ නිසාම මාතරල ගන්දර කට්ටඩියන් මේ නිවසට කැඳවිණි. දියණිය රංසීට ත් , නිවැසියන්ටත් ආරක්ෂා කරන්නට ඔවුහු කටයුතු කළහ. විටෙක දෙහි මැතිරූහ. තවත් විටෙක කොඩිවින කපා දැමිණි. පසුව තොවිල් ද නැටූහ. එහෙත් මේ කිසිවකින් ප්‍රශ්නය අවසන් වූයේ නැත. දිනෙන් දිනම නිවසේ තැන තැන ගිනි ගනිමින් තිබේ.

zz අනේ මම නැත්තටම නැතිවුනා. මේ භූතයා අපිට පුදුම කරදරයක් කරන්නේ. ගෙදර හැම තැනම ටික ටික ගිනි ගත්තා. ඒත් අල්මාරිය ගිනි ගන්නකම් මට මේක ප්‍රශ්නයක් වුනේ නැහැ. අල්මාරිය ගිනි ගත්තු වෙලාවේ මට ඔක්කෝම එපා වුණා. ZZ

පද්මසේන අප සමග එසේ කීවේය.

ව්‍යාපාරිකයකු වූ ඔහු තමන් උපයන මුදල් දින දෙක තුනක් ආරක්ෂිතව තබන්නේ අල්මාරියේය. ඔහු පවසන්නේ මේ ගින්න ඇති වී තිඛෙන්නේ මුදල් දමන ලාච්චුවෙන් බවයි.

zz මගේ සල්ලි පිච්චුනාට මට කමක් නැහැ. ඒත් මේක මගේ ජීවිතයට කරදරයක් වුනා. එතැන ඉදලා මම හොඳටම මානසිකව වැටුණා. වාහන දෙකක් විකුණලා දැම්මා. භූතයා අපිව විනාශ කරනවා. මට තිබුණු එකම බය මේ පුංචි අතදරුවා නිදාගෙන ඉන්න වෙලාවක එතනත් ගිනි ගනීවි කියලා. ZZ

දැන් ඒ නිවසේ රැකවල්ලූ සිටිති. ගමේ හිතවතුන් සහ ඥාතීන් නිවසට වරින් වර පැමිණ දිවා රාතී්‍ර මාරුවෙන් මාරුවට නිදි වරමින් ගෙදර මුරකරති. නිවැසියෝ නිදන්නේ නිවස ඉදිරිපිට කොරිඩෝවේය. අත දරුවා නිදන විට ඒ වටා සිව් දෙනෙක් මුර කරති. මෙලෙස කොතෙක් නම් මුරකාවල් දැමුව ද සියල්ලන්ගේ ම ඇස් වසා යළි යළිත් ගිනි ඇතිවූ බව පද්මසේන කියයි.

zz එදා දුවගේ ශිෂ්‍යත්ව විභාගයට කලින් දවසේ. දුව පාඩම් කරමින් හිටියා. අපිත් ගෙදර එළියේ හිටියේ. හිටි හැටියේ දුව කෑ ගැහුවා. අනේ අම්මේ මගේ ඇඳුම් ගිනි ගන්නවා කියා. අපි දුවගෙන ගිහින් බලන විට දුවගේ ඇඳුම් ඔක්කෝම ගිනි අරගෙන. දුවට ශිෂ්‍යත්ව විභාගයට ඇඳගෙන යන්නවත් ඇඳුම් තිබුණේ නැහැ. වෙන යාලූවෙකුගෙන් ඉල්ලගෙන තමයි ඇඳුම් ඇන්දේ. එදත් එයා කිව්වා. කවුදෝ එයාට කිව්වලූ දැන් ඔන්න ඔයාගේ ඇඳුම් ගිනි ගන්නවා කියා. ඒ ශබ්දය ඇසුණු හැටියේ තමයි එයා කෑ ගහලා තියෙන්නේ. ZZ

මේ භූතයා අල්ලා ගැනීමට ගත් සියලූ උත්සායහයන් ව්‍යර්ථ වූ විට පද්මසේන නිවස හැරදමා යාමට පවා සිතුවේය. මේ අතර ඔහුගේ නිවස අසළ පදිංචි හිතවත් වෛද්‍යවරයෙක් අපූරු යෝජනාවක් කළේය.

මේ ගිනි ඇතිවීමට හේතුව භූතයකු නොව නිවසේ සිටින යම් අයකු විසින් කරන කි්‍රයාවක් විය හැකි බැවින් ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් හමුවන ලෙස ඒ වෛද්‍යවරයා කීවේය. ඔහුගේ උපදෙස් අනුව වෛද්‍ය රූමි හමුවීමට පද්මසේන පැමිණියේ එයින් ඔහු වඩාත් පීඩාවට පත්ව සිටි බැවිනි.

zz අනේ දොස්තර මහත්තයෝ අපේ ගෙදරට ඇවිත් මේ ගැන පොඩ්ඩක් බලන්න ZZ පද්මසේනගේ ඉල්ලීම විය.

ඒ අනුව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සමග අපි ද එම නිවසට ගියෙමු.

නිවසේ දහ පහළොස් දෙනෙක් රැඳී සිටිති. භූතයා මතුවූ විටෙක ඒ ගැන සොයා බැලීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇතත් භූතයා ද වරින් වර සියල්ලන්ට ම හොරෙන් නිවසේ ඇති කොළ කැබැල්ලක් හෝ ගිනි තියන බව පද්මසේන පවසයි. පසෙක ඇත්තේ පිළිස්සී ගිය ඇඳුම් තොගයකි. තවත් තැනක පිච්චුණු මේස පුටු හා ඇඳ ඇතිරිලිය. භාවිතයට ගත නොහැකි තරමට පිළිස්සී ගිය අල්මාරියේ කොටස් ද තැනක ගොඩගසා ඇත. මේ නිවස මිනිසුන්ගේ නොව යක්ෂයන් අරක්ගත් භූත බංගලාවක් වැනියැයි දකින අයෙකුට සිතෙනු ඇත.

නිවසට ගිය වෛද්‍යවරයා පවුලේ ඥාතීන් ගැන විමසා සිටියේය. ඔහුගේ වැඩිම අවධානයට ලක්වූයේ පද්මසේනගේ දියණියයි. ඇය අප දෙස වඩාත් විමසිලිවත්ව බලා සිටියි.

වෛද්‍යවරයා නිවස පරීක්ෂා කළේය. තැන තැන ගිනිගත් සළකුණු පෙනෙන්නට තිබේ. දියණියගේ ඇඳුම් බොහොමයක් ගිනි ගෙන විනාශ වී ඇත. ඔහු එකිනෙක කාමර වලට ගොස් ගිනි ගත් ස්ථාන හා ද්‍රව්‍ය ගැනත් ඒවා ගිනි ගන්නවා යැයි දියණිය දැනගත් ආකාරයත් ඇගෙන් විමසා සිටියේය.

zz මට කවුදෝ කියනවා ගිනි ගන්නවා කියලා ZZ රංසි කීවාය.

zz ගිනි ගන්නවා කියා දුව කියන වෙලාවට ඔයාලා කොහෙද හිටියේ. එයා ඒක කියන්න ඉස්සෙල්ලා එයා කොහේ ද හිටියේ ? ZZ වෛද්‍යවරයාගේ ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දීමට දෙමහල්ලන්ට හැකියාවක් නැත.

zz හු`ගක් වෙලාවට අපි සාලේ ඉන්නවිට තමයි දූ කියන්නේ. එයා කොහේ හරි ඉදලා අපි ඉන්න තැනට ඇවිත් කියනවා. ZZ මව කීවාය.

තාත්තගේ ගමේ යන්න දුව කැමති නැද්දැයි වෛද්‍යවරයා ඇසූ විට රංසි කීවේ

zz මම එහේ යන්න හරිම කැමතියි. සෙල්ලම් කරන්න පුළුවන්. මෙහේ සෙල්ලම් කරන්වත් කවුරුත් නැහැනේ. ZZ යනුවෙනි.

වෛද්‍යවරයාගේ අදහස වූයේ මෙය භූත බලවේගයකින් සිදුවන්නක් නොව මේ දියණියගේ කි්‍රයාවක ප්‍රතිඵලයක් බවයි.

ඒ ගැන වෛද්‍යවරයා මෙසේ කීවේය.

zz හිදිසියේම නිවෙස් ඇතුලේ තැන තැන ගිනි ගැනීම් ඇතිවීම ඇඳුම් පැළඳුම් ගිනි ගැනීම බොහෝ දෙනෙක් හිතන්නේ භූතයන් නිසා සිදුවන්නක් කියා. නමුත් මෙවැනි දේ සිදුවෙන්නේ යම් අයකුගේ මිනිස් කි්‍රයාකාරකමක් හේතුවෙන්. මේ නිවසේ සිටි අය දෙස බැලු විට අපට පැහැදිලිවනවා මේ රංසි දියණියගේ චර්යාවේ එක් ප්‍රතිඵලයක් කියා. ඇය තමයි ගිනිි තියන්නේ. මෙයට හේතුව වී ඇත්තේ අන් අයගේ අවධානය දිනා ගැනීමට ඇයට ඇති අවශ්‍යතාව. ප්‍රධාන වශයෙන්ම ඇය තම පදිංචිය හම්බන්තොට සිට වැලිගමට පැමිණීම ගැන කැමැත්තක් දැක්වූයේ නැහැ. පාසල මාරු කිරීම මිතුරියන් අහිමිවීම ඇයට අහිතකර ලෙස බලපාන්න ඇති. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් එල්ලවූ පීඩනයත් මේ තත්ත්වයට බලපානවා. ZZ

වෛද්‍ය රූමි පවසන්නේ රංසි දියණියගේ මිත්තනිය මිය යාමෙන් ඇතිවූ දුක ද ඇය මෙවැනි කි්‍රයාවකට යොමු වීමට හේතුවන්නට ඇති බවයි. රංසි තමා විසින්ම ගිනි තබන දේ නැවත යම් අයකු තමන්ට කීවා යැයි පවසමින් දෙමාපියන්ට ඒ බව දැනුම් දෙන බව ද වෛද්‍යවරයා ගේ අදහස වී තිබේ.

වෛද්‍ය රූමි පවසන්නේ මෙය රංසි හිතා මතා හෝ ඇයගේ සිතේ ඇතිවන පීඩාකාරී තත්්තවය හේතුවෙන්් පාලනයකින් තොරව ඉබේම මෙන් ඇය අතින්ම සිදුවන්නක් විය හැකි බවයි.

විශේෂඥ වෛද්‍ය රූමි වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මෙය රෝගයක් නොවේ. ඛෙහෙත් දීම අනවශ්‍යයයි. නමුත් මේ දරුවාගේ මානසික තත්ත්වය ගැන අවබෝධයක් ලබාගනිමින් ඇය ගැන අවධානයෙන් සිටිය යුතුයි. අපි මේ වගේ අවස්ථාවක දී මනස වෙනස් වීමට බලපෑ සාධක පවුලේ ඇතිවූ වෙනස්කම් ඇයට බලපෑ බව පැහැදිලියි. ඒ වගේ ම ඔවුන් පදිංචියට පැමිණි නිවස ඇගේ පුංචි අම්මාට ලියූ බව ද ඇයට කිහිප වතාවක්ම ඇසෙන්නට ඇති. එයත් ඇගේ මේ කි්‍රයාවට යම් පමණකින් බලපාන්න ඇති. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙර දිනයේ තමන්ගේම ඇඳුම් පුළුස්සා දැමීමට ඇය කටයුතු කරන්නට ඇත්තේ තමන්ට එල්ලවූ පීඩනය නිසා විය යුතුයි. මේ දරුවාගේ මානසික ආතතිය අඩුවීමට නිවැසියන් කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ වගේම යහළුවන් සමග කෙළි දෙලෙන් වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව දීමත් වෙනස් පරිසරවලට ඇය රැගෙන යාමත් තුළින් පහසුවෙන් මේ තත්ත්වය මගහරවා ගතහැකි වනවා.

වෛද්‍ය රූමි පවසන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා තොවිල් කිරීමෙන් ද ඇතැම් විට මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි. භූතයෙක් මේ දේවල් කරනවායැයි දිගින් දිගටම පැවසීමෙන් ද දරුවා එයටම යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් තිඛෙන බව ද වෛද්‍යවරයා කීවේය.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් දුන් උපදෙස් මේ පවුලේ සාමාජිකයෝ කටයුතු කළහ. දැන් ඒ නිවසේ භූතයන් නැත. දියණිය රංසි සිය නව මිතුරියන් සමග සතුටින් පාසල් යන්නීය. ඇය තමන්ට සිදුවූ දේ ගැන නොදන්නවා විය යුතුය.

මෙය සත්‍ය කතාවක් වුව ද නම් ගම් මනංකල්පිතය

සජීව විජේවීර විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles