ඊශායල නාවුක හමුදාව විසින් අත්අඩංගුවටගත් සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් ඇතුළු කණ්ඩායම පිටුවහල් කිරීමට පෙර ටෙල් අවීව් ගුවන්තොටුපලට රැගෙන ගොස් ඇතැයි ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසයි.
ගාසා අර්බුදය සම්බන්දව දැනුවත් කිරීමට සහ ආධාර බෙදාදීමේ අරමුණින් ගමන්ගත් ක්‍රියාකාරීන් රැගත් නෞකාව ගාසා තීරයට යාත්‍රා කිරීම සඳුඳා අලුයම ඊශ්‍රායල නාවුක හමුදාව විසින් වලක්වන ලදී.
ක්‍රියාකාරීන් සහල් සහ ළදරු කිරිපිටි ඇතුළු මානුෂීය ආධාර කුඩා තොගයක් රැගෙන ගොස් ඇති අතර, මාස ගණනක යුද්ධයෙන් විනාශයට පත් වූ ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරව දැනුවත් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය බව පැවසූහ.
ඊශ්‍රායලය එම ගමන හමාස් හිතවාදී ප්‍රචාරක උපක්‍රමයක් ලෙස ප්‍රතික්ෂේප කළේය. “යාත්‍රාවේ තිබූ සුළු ආධාර ප්‍රමාණය සැබෑ මානුෂීය මාර්ග හරහා ගාසා තීරයට මාරු කරනු ලැබේ,” විදේශ අමාත්‍යාංශය පැවසීය
බ්‍රිතාන්‍ය ධජය සහිත යාත්‍රාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායට ගෙන යන ලද අතර විදේශ අමාත්‍යාංශය පැවසුවේ ක්‍රියාකාරීන් එක රැයකින් බෙන් ගුරියන් ගුවන් තොටුපළට මාරු කළ බවයි.’කුඩා යාත්‍රා’ මගීන් සමහරක් ඉදිරි පැය කිහිපය තුළ පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරේ,” අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “පිටුවහල් කිරීමේ ලියකියවිලි අත්සන් කර ඊශ්‍රායලයෙන් පිටවීම ප්‍රතික්ෂේප කරන අයව, ඊශ්‍රායල නීතියට අනුකූලව, ඔවුන් පිටුවහල් කිරීමට අවසර දීම සඳහා අධිකරණ අධිකාරියක් ඉදිරියට පමුණුවනු ලැබේ.”
මගීන්ගේ මව් රටවල කොන්සියුලර් නියෝජිතයන් ගුවන් තොටුපළේදී ඔවුන් හමුවූ බව එහි වැඩිදුරටත් සඳහන් විය
ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායලය ඇයව පැහැරගෙන ගිය බවට තන්බර්ග් චෝදනා කළාය. “හැකි ඉක්මනින් මා සහ අනෙක් අය නිදහස් කරන ලෙස ස්වීඩන් රජයට බලපෑම් කරන ලෙස මගේ සියලු මිතුරන්, පවුලේ අය සහ සහෝදරවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි,” ඊශ්‍රායල නාවික ක්‍රියාමාර්ගයට පෙර පටිගත කරන ලද වීඩියෝවකින් ඇය පැවසුවාය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැහැර ගැනීමක් පිළිබඳ තුන්බර්ග්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. “ග්‍රේටා තුන්බර්ග් පැහැර ගැනීමට වඩා ඊශ්‍රායලයට ඇති තරම් ගැටලු ඇති බව මම සිතමි,” ඔහු පැවසීය. “ඇය තරුණ, කෝපයට පත් පුද්ගලයෙක්. මම හිතන්නේ ඇයට කෝපය කළමනාකරණය කිරීමේ පන්තියකට යා යුතුයි.”ඔහු පැවසීය.
2007 දී හමාස් සංවිධානය ගාසා තීරය අත්පත් කර ගැනීමෙන් පසු ඊශ්‍රායලය වෙරළබඩ ප්‍රදේශයට නාවික අවහිරයක් පනවා ඇති අතර, හමාස් වෙත ආයුධ ළඟා වීම වැළැක්වීමේ අරමුණින් එය ක්‍රියාත්මක වේ.2023 ඔක්තෝබර් 7 වන දින හමාස් නායකත්වයෙන් යුත් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලය හරහා කඩා වැදී 1,200 කට වැඩි පිරිසක් මරා දමා 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් විට ආරම්භ වූ යුද්ධය ඇතුළු ගැටුම් හරහා අවහිරය ක්‍රියාත්මක වී තිබේ.
හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ පළිගැනීමේ ප්‍රහාරයෙන් පලස්තීනුවන් 54,000 කට වැඩි පිරිසක් මේ වනවිට මිය ගොස් ඇති අතර, හමාස් පාලනය කරන ගාසා තීරයේ සෞඛ්‍ය නිලධාරීන්ට අනුව, එහි මිලියන 2.3 ක පදිංචිකරුවන්ගේ නිවාස බොහොමයක් විනාශ වී ඇත.