-0.3 C
New York

වැඩ තහනමට ලක් වූ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

Published:

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (09) අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට ද තීරණය කෙරිණි

පොලිසිය පවසන්නේ ඔහු හෙට (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද තුන්වැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයකු වන නිශාන් ධනසිංහ පත්කෙරුණි.

Related articles

Recent articles

spot_img