-0.3 C
New York

මහින්දානන්ද සහ නලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරති

Published:

කැරම්බෝඩ් බෙදා දීමෙන් රජයට පාඩුවක් සිදුකරන ලදැයි තීරණය කර බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

අභියයාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට රුපියල් මිලියන 53කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ ඔවුන් දෙදෙනා වැරදිකරුවන් කර බන්ධනාගාරගත කරනු ලැබීය.

පෙත්සම්කරුවන් පවසන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවයි. එමෙන් ම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේ දී  මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම් නීතියට පටහැනි බව විත්තිකාර අභියාචකයන් පෙත්සමේ  සඳහන් කර සිටි.

එබැවින් අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Related articles

Recent articles

spot_img