-5.2 C
New York

ලෝකයේ ම අවදානය දිනූ මනුස්සකම “මැඩ්ලීන්”

Published:

“මැඩ්ලීන්” යනුවෙන් හැඳින්වෙන නෞකාව මේ වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මාතෘාවක් බවට පත්ව ඇත.

පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ඇතුළු විවිධ රටවල මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මාධ්‍යවේදීන් එක්ව මෙම යාත්‍රාවෙන් ගමන් ආරම්භ කර ඇත.

එහි ඉලක්කය වන්නේ ගාසා තීරයේ යුද ගැටුම්වලින් පීඩා විඳින ජනතාවට උපකාර කිරීමයි. මේ ගමනට දැනටමත් විවිධ තර්ජනය සහ බාධක එල්ල වෙමින් පවතී. කෙසේ වෙතත් ඊශ්‍රායල් ක්‍රියාකලාපයට එරෙහිව සාමකාමී විරෝධතාවක් සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස සැළකේ.

“ගාසා නිදහස් ෆ්ලෝටිලා” (Gaza Freedom Flotilla) නමින් හැඳින්වෙන ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගේ එකමුතුවක් විසින් මෙම ගමන සංවිධානය කර ඇත.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට පනවා ඇති නාවික අවහිරය බිඳ දමා, එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා සංකේතයක් ලෙස මෙම ගමන සිදුවෙයි. එමගින් ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කරවීම සහ පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම එහි ක්‍රියාකාරීන්ගේ අරමුණයි.

මෙම නෞකාව මගින් ළදරු කිරිපිටි, වෛද්‍ය උපකරණ සහ ඖෂධ, ළමුන් සඳහා කෘතිම පාද, පිටි සහ සහල් වැනි වියළි ආහාර, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන රැගෙන යයි.

“මැඩ්ලීන්” යනු ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයට එරෙහිි සාමකාමී විරෝධතාවක් දක්වමින් පීඩාවට පත් ජනතාවක් වෙනුවෙන් පෙනී සිටින ආධාර රැගත් නෞකාවක් බැවින් මේ වනවිට එය ජාත්‍යන්තරයේ දැඩි අවදානයට ලක්ව ඇත.

Related articles

Recent articles

spot_img