-0.3 C
New York

බන්ධනාගාරයේ රැඳවූවන්ට නිදහස දුන්නේ කවුද ?

Published:

ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබාදෙන අවස්ථාවන්වල දී අනීතික ලෙස වෙනත් පුද්ගලයන් නිදහස් කිරීම දීර්ඝ කාලයක සිට සිදුකර ඇත්ද යන්න පිළිබඳ පරීක්සණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව නිදහස් කරන ලද රැඳවූවන්ට අමතරව තවත් සිරකරුවන් කිහිප දෙනකුට බන්ධනාගාරය විසින් අනීතිකව නිදහස ලබා දී ඇති බවට පැමිණිල්ලක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය 06 වැනි දා අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තවදුරටත්, මීට අදාළ ලේඛණ පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමටද නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන පොදු සමාව භාවිතා කරමින් අනීතික ලෙස සිරකරුවන් පිරිසක් පසුගිය වෙසක් දිනයේ දී නිදස් කර ඇතැයි හෙළිදරව් වන බවයි.

මෙම කරුණු අනුව ඊට සම්බන්ධ යැයි සැක සහිත සියලු නිලධාරීන්ට ‍එරෙහිව විමර්ශන කටයුතු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවත් මීට ඉහත දී ද එවැනි ආකාරයෙන් ම අනීතික ලෙස සිරකරුවන් නිදහස් කර ඇතැයි තොරතුරු හෙළිදරව් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img