ගාල්ල ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (04) උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් පවසන්නේ වාර්ෂිකව කෝටි ගානක් මුදල් ලබා ගත්තද මෙම පාසල නිවැරදි ප්‍රමිතීන් අනුව පවත්වාගෙන නොයාම හේතුවෙන් තම දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.
මේ නිසා පාසල නියාමනය කර එහි ඉගෙනුම ලබන දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස දෙමව්පියන් පිරිසක් අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කර තිබිණි. මෙම දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියේ දැනට පාසල පවත්වාගෙන යන finance සමාගම මෙම පාසල විකුණා දැමීම සඳහා වෙනත් ආයතනයකට භාරදී ඇති බවයි.
මෙහි සිසුන් 1300ක් පමණ ඉගෙනුම ලබන අතර සිසුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවද සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බවද දෙමාපියෝ චෝදනා කරති. එමෙන්ම සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන් මෙම පාසලේ නොමැති නිසා සිසුන්ගේ අධ්‍යාපන තත්වය ද කඩා වැටී ඇති බවත් දෙමාපියන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි.
මෙම පාසලේ දෙමාපිය සංගමයේ සභාපති කමල් ප්‍රියන්ත මහතා පවසන්නේ පාසල විකුණා දමන්නේ නම් එය කඩිනමින් විකුණා දැමිය යුතු බවයි. එමෙන්ම පාසලේ අධ්‍යාපන කටයුතු නැවත ගුණාත්මක ලෙස ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් යටිතල පහසුකම් ඇතිකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
සමාගම් ලියාපදිංචිය යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර කිසිදු අධීක්ෂණයක් නොමැතිව මේ පාසල පවත්වාගෙන යන බැවින් අධ්‍යාපනය අමාත්‍යාංශය වහාම මේ සඳහා මැදිහත් වී දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසද දෙමාපියෝ ඉල්ලා සිටිති.
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
