spot_img
spot_imgspot_img

මාස එකහමාරක බිළිඳකු, කොරෝනා වයිරසයට ‍ ගොදුරු වුණේ ඇයි ?

පුවත්

විදෙස්

ගාල්ල ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට උපතින් ම හෘද රෝගී තත්වයක් තිබූ බව රෝහලේ වෛද්‍යවරු කියති.

ඇල්පිටිය, වල්අඹගල, ඉහළගහවත්ත ප්‍රදේශයේ පදිංචි මවක විසින් බිහිකරන ලද මෙම බිළිදාගේ එම සංකූලතා වෛද්‍යවරු හඳුනාගෙන සිටි බවත් හදිසියේ ම නිව්මෝනියා තත්වයක් ඇතිවීම නිසා පසුගිය මැයි 17 වැනි දින රෝහලගත කර ඇත.

ගාල්ල ජාතික රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම බිළිඳාගේ ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබිණි. එහි දී තහවරු වී ඇත්තේ මෙම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.  පසුගිය 25 වැනි දා මෙම බිළිඳා ගාල්ල ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග සභාපතිගේ මහතා පවසයි.

මෙම දරුවාට ආසදනය වී ඇති කොරෝනා වයිරසය මේ දිනවල ආසියානු රටවල පැතිර යන නව කොරෝනා වයිරසය ද යන්න මෙතෙක් තහවරු කරගෙන නැතැයි ද  වෛද්‍ය අංශ පවසයි.

ආසියාතික රටවල කොරෝනා රැල්ලක් නැවත ඇතිවෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවෙන් ද එම නව ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ. එය වේගයෙන් පැතිරයන ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම ජීවානුහරණ ද්‍රාවණ භාවිතයට හෝ නිතර අත් සබන් දා සේදීමට හෝ කටයුතු කරන්න යැයි ද සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී සිටීම හැකිතාක් සීමා කරන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

මෙම නව වයිරසය නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට වැඩි සංකූලතා ඇතිකරන බව ද වෛද්‍යවරු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles