ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය.
වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා DIMO හි කැපවීමෙහි තවත් එක් සන්ධිස්ථානයක් වේ. තවද සමාගමේ අලෙවියෙන් පසු සේවාවන්හි අඛණ්ඩ විශිෂ්ටත්වය ද මෙම සම්මානයෙන් මැනවින් තහවුරු වේ. එසේම මෙම අවස්ථාවේදී DIMOහි Mercedes-Benz අලෙවියෙන් පසු සේවා අංශයේ අබිලාෂ් ශ්‍රීයන්කරන් ‘Top Service Adviser-Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලබන ලදී.
Mercedes-Benz AG විසින් පවත්වන සේවා ගුණාත්මක විගණනයන් මඟින් DIMO හි තාක්ෂණික දැනුම හා ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන්ට අනුකූලවීම තහවුරු කරන අතර, ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් හරහා ද ඉහළම පාරිභෝගික තෘප්තිය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය පවත්වා ගැනීම මඟින් DIMO හි පාරිභෝගික අත්දැකීම් පිළිබඳ විශිෂ්ටතාවය විදහා දක්වයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මෙම සම්මානයට නැවත පාත්‍ර වීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ Mercedes-Benz අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට අප දක්වන කැපවීම පෙන්වා දෙනවා. නවීන තාක්ෂණයන් කෙරෙහි ආයෝජනය කිරීම, වාර්ෂික සේවා විගණනයන් සිදු කිරීම සහ පාරිභෝගික ප්‍රතිචාරයන් විශ්ලේෂණය කිරීම හරහා DIMO විසින් Mercedes-Benz AG හි දැඩි ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අනුගමනය කරන බවට තහවුරු කරනවා. Mercedes-Benz AG සහතික කළ අලුත්වැඩියා මාර්ගෝපදේශ, ක්‍රියාවලි, විශේෂ මෙවලම් සහ උපකරණ, මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ Mercedes-Benz නියම අමතර කොටස් භාවිතය තුළින් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි පවතින විශ්වාසය තව තවත් වැඩි දියුණු වෙනවා. Mercedes-Benz AG ජාත්‍යන්තර තාක්ෂණික පුහුණුව සහ සහතික කිරීම් තුළින් අපගේ කාර්මිකයින් සහ සේවා උපදේශකයින්ගේ උසස් තත්වයන් සහතික කරනවා. “



