spot_img
spot_imgspot_img

ඖෂධ හිඟයක් ? රජය පැහැදිළි කරයි

පුවත්

විදෙස්

රජයේ රෝහල්වල ඖෂධ කිහිපයක හිඟයක් පවතින නමුත් විරුද්ධවාදීන් පවසන තරම් ඖෂධ හිඟයක් නැතැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ඔහු මේ බව පැහැදිළි කරමින් කියා සිටියේ ඖෂධ වර්ග 180ක හිඟයක් පවතින බවට තොරතුරු ප්‍රචාරය කර ඇතත් සත්‍ය වශයෙන් ම හිඟ වී ඇත්තේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි.

“අපි පිළිගන්නවා ඖෂධ වර්ග කිහිපයක හිඟයක් තියෙනවා. එය අවුරුදු ගණනාවක් තිස්සේ තිබෙන ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදය නිසා ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ ගැටලුව තවමත් තියෙනවා. ඒ නිසා අපේ සැපයුම් ජාලයේ වරින් වර ගැටලු ඇති වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී ඖෂධ වර්ග 150-180ක පමණ හිඟතාවක් ඇති වෙන බවත් පිළිගන්නවා. එය මුළු ශ්‍රී ලංකාවේ ම ඇතිවන හිඟයක් නෙවෙයි. ඖෂධ හිඟ වෙන්නේ ප්‍රධාන ගබඩාවේ. යම් ඖෂධයක් ලැබුණු හැටියේ එය ශ්‍රී ලංකාව පුරාම බෙදාහරින නිසා ප්‍රධාන ගබඩාවේ ඒ ඖෂධය නැතිවුණත් රෝහල්වල ඖෂධය තැබෙනවා. ඇතැම් ඖෂධ පළාත් ඖෂධ ගබඩාවල තිබෙනවා. ඒ තොග අවසන්වීමට පෙර අපි ඖෂධ ලංකාවට ගෙන්වනවා. නමුත් මේ ගෙන්වන කාලය තුළ රෝහල් සහ ප්‍රාදේශීය ගබඩාවල ඖෂධ තිබුණත් ඇතැම් කණ්ඩායම් ප්‍රචාරය කරනවා ඒ ඒ ඖෂධ නැහැ කියලා. මේ වනවිට රෝහල් මට්ටමින් ගත්තාම හිඟවී තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර. අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. පසුගි වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට අපි යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් අපි යොමු කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා. අපේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ තියෙන ඖෂධයක් වුණත් අනාගතයේදී හිඟ වෙන්න පුළුවන්නම් රෝහල් බලධාරීන්ට පුළුවන් ඒ් මිලදී ගැනීම කරන්න. එහෙම ක්‍රියාත්මක වුණොත් ඖෂධ හිඟ කියන කතා එන්නේ නැහැ.”

“සැපයුම් අඩාලවීම, ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය අඩාලවීම වගේ කරුණු නිසා ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් අපි මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යායුතුයි. අපි ඒ සඳහා රජයට යෝජනා කරලා තියෙනවා මාස 3-6ක් අතර කාලයක් ආරක්ෂිත තොගයක් ලබාදෙන්න කියලා ඉක්මන් මිලදී ගැනීමයක් හැටියට. ඒ්ක ඉතාමත්ම නීත්‍යානූකූල විදිහට කරන්න. මේ ආරක්ෂිත තොගයක් ගේන්න සූදානම් වනවිට පිරිසක් චෝදනා කරනවා අපි බාල බෙහෙත් ගේන්න යනවා කියලා.”

නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමේ දී ඒවායේ ගුණාත්මක බව ගැන දැඩි අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කරන බවයි. ඒ නිසා කිසිසේත් ම බාල බෙහෙත් නොගෙන්වන බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles