ආනයනය කරන ලද ලුණු තොග ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාදවිය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.
රජයේ අමාත්‍යවරුන් කියා සිටියේ 21 වැනි දා ආනයනික ලුණු තොග ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් ලුණු හිගය නිමාවට පත්වන බවයි.
පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනඒමට නියමිතව තිබිණි.
ලුණු තොග ආනයනය කිරීම ප්‍රමාද වන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බවත්, ඉන්පසු අඛණ්ඩව ලුණු තොග මෙරටට ලැබෙනු ඇති බවත් ජාතික ලුණු සමාගම පවසයි.
.



