ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 2025 වර්ෂයේ ගත වූ මාස 04 තුළ ඩෙංගු රෝගීන් 17,450ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් මාසයේ දී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,018කි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ පවසයි.
“මේ වනවිට ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් පෙන්වනවා. ඩෙංගු මරණ වාර්තා වී තිබෙන්නේ 06ක් පමණයි. අපේල් මාසයේ දී ඩෙංගු ආසාදිතයන් 5,018ක් වාර්තා වෙනවා. පසුගිය සති කිහිපයේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වෙනවා. දැනට පවතින කාලගුණ තත්වය මෙයට හේතුවක්. ඒ වගේ ම ඉදිරිකාලයේ ඇතිවන නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය තවත් වර්ධනය වීමේ අවදානමක් බලාපොරොත්තු වීමට සිදුවෙනවා. ඩෙංගු බෝකරන මදුරුවාගෙන් ම ව්‍යාප්තවන චිකන්ගුන්‍යා රෝගයත් බස්නාහිර පළාතේ වගේම තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වුණා. ඉදිරිේය දී මේ සම්බන්ධයෙන් දැඩි අවදානමක් තිබෙන නිසා මැයි මාසය විශේෂ මදුරු මර්ධන මාසයක් ලෙස නම්කර තිබෙනවා. විශේෂයේන ම මදුරුවන් බෝවන ස්ථාන සතියේ සෑම දිනකම විනාශ කිරීමට සියලු දෙනාගේ ම අවධානය යොමුකළ යුතුයි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකර දිගින් දිගටම පවත්වාගෙන යන ස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”