තමන් විසින් සවිකර ඇති සූර්ය බල පද්ධති අප්‍රෙල් 13 සිට 21 වැනි දා දක්වා සෑම දිනක ම උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අක්‍රිය කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
අවුරුදු නිවාඩු කාලය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බවත්, මේ දිනවල දැඩි අව්රශ්මියක් ඇති බැවින් වහළ මත සවිකර ඇති සූර්ය බල ශක්ති ඉහළ නිෂ්පාදනයක් ඇති කරන බැවින් එමගින් විදුලි බල පද්ධතියේ ස්ථායීතාව අවදානම් තත්වයකට පත්විය හැකි බැවින් මෙම තීරණය ගත් බවත් විදුලි බල මණ්ඩලය පවසයි.
මෙලෙස විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ඕනෑම රටක් මෙම අභියෝගයට මුහුණදීමට සිදුව බව විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටී.
බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල මේ දිනවල වසා දමා ඇති බැවින් ඒ හේතුවෙන් විදුලිය භාවිතය ඉතා අඩු මට්ටමක පවතී.
මෙවැනි අවස්ථාවල දී විදුලි බල මණ්ඩලයට ජල විදුලි බලාගාර, ඩීසල් බලාගාර සහ ගල් අඟුරු බලාගාාරවල විදුලි උත්පාදනය පාලනය කිරීමේ හැකියාවක් පවතී.
කෙසේ වෙතත් පාරිභෝගිකයින් සිය සූර්ය පැනල වසා නොදමන්නේ නම්, විදුලිබල මණ්ඩලයට වහල මත සූර්ය පද්ධතිවලින් නිෂ්පාදනයවන විදුලිය පාලනය කළ නොහැක.
එයට ජාතික පද්ධතියට ඔරොත්තුදීමට නොහැකි වුවහොත් කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතාව හෝ සංඛ්‍යාත ගැටලු ඇතිකළ හැකි බව විදුලිබල මණ්ඩලය සිය නිවේදනයෙන් පවසයි.
වහළ මත සූර්ය පද්ධති විදුලිබල මණ්ඩලයට පාලනය කිරීමට නොහැකි අතර, ප්‍රමාණවත් BESS හෝ දියුණු සූර්ය ඉන්වර්ටර් මෙරට තුළ නොමැත.
ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් මිලියන 7කට වඩා සිටින අතර, වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන් 100,000ක් පමණ සිටියි.
නමුත් ජාලය අස්ථායී වූ විට එය සෑම කෙනෙකුම අවදානමට ලක්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.