“සහස්දනව්” විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම බලාගාරය ඉදිකිරීම, මෙහෙයවීම සහ එහි අයිතිය සීමා සහිත සහස්දනව් සමාගම සතුය. එම ගිවිසුම අනුව වසර 25කට පසු එහි හිමිකාරීත්වය විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බව ද පැවසේ.
මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි. එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයනු ඇත.
තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
මෙම බලාගාරය ප්‍රතිවායුකෘත – ද්‍රවීකෘත ස්වාභාවික වායුව (R-LNG) භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති අංශයට අත්‍යවශ්‍ය සහයක් සපයනු ඇති බව විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත.
විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ සුළං වේගය අඩුවන අවස්ථාවලදී එම බලාගාරයට ඉල්ලුම අනුව ක්‍රියාත්මක කළ හැකි නම්‍යශීලී බලශක්තියක් සැපයීමේ සුවිශේෂී හැකියාවක් මෙම බලාගාරයට ඇත.
එයට සූර්ය හා සුළං විදුලි උත්පාදනවල ඇතිවන වෙනස්කම් සමතුලිත කිරීමට හැකියාව තිබේ.
2028 වනවිට සහස්දනවි සහ අනෙකුත් එවැනි බලාගාර සියල්ල ඩීසල් ඉන්ධනයෙන් සම්පූර්ණයෙන්ම R-LNG වෙත පරිවර්තනය කෙරෙණු ඇත.
ඒ අනුව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ එම පරිවර්තනයෙන් පසු ඉන්ධන පිරිවැය ආසන්න වශයෙන් 50%කින් අඩුකර ගත හැකිවන බවයි. දූෂිත වායු විමෝචන ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස පහළ දැමිය හැකි බව පෙන්වා දී ඇත.
මෙම පරිවර්තනය මගින් ශ්‍රී ලංකාවට සූර්ය හා සුළං විදුලි ජනන ධාරිතාව පුළුල් කරගැනීමට හැකිවන අතර, ජාතික විදුලි ජාලයේ අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය රැකගැනීමට ද හැකිවනු ඇත.
R-LNG භාවිතා කර සංයුක්ත චක්‍රීය මෙහෙයුම්වලට මාරුවීමෙන් පසු, සහස්දනව් බලාගාරයේ ජනන පිරිවැය විදුලි ඒ්කකයක් සඳහා රුපියල් 37ක් පමණ වනුඇති බවද විදුලිබල මණ්ඩලය පවසයි.
එමගින් ගෘහස්ත, ව්‍යාපාර හා කාර්මික අංශ සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථාව උදාවන අතර, දේශීය ආර්ථිකයේ ස්ථාවරභාවය ශක්තිමත් වනු ඇති බවත් එහි දැක්වේ