පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් අවුරුදු සේල් පැවැත්වූ වෙළෙඳුන් 36කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එලෙස වැටලීම් කරන ලද ස්ථාන අතර ඇදුම් පැළදුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු වූ අතර ඉදිරියේදී සිදුකරනු ලබන වැටලීම්වලදී ද ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සේල් මගින් භාණ්ඩ අලෙවිකිරීමේ දී විදුලි උපකරණ සදහා ලබාදිය යුතු මාස 6 ක වගකීම පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත්,පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් වෙළදුන් දැනුම්වත් කරන අතර වෙළෙඳපොලේදී භාණ්ඩ මිලදීගැනීමේ දී සෑමවිටම කල්පනාකාරීව තෝරා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ගැටළුවක් ඇති වුවහොත් අවශ්‍ය ඉදිරි කටයුතු සදහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලැබේ.
වෙළෙඳපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් විමර්ශන, වැටලීම් මෙන්ම වෙළදුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදහා ද විශේෂ වැඩසටහන් අඛණ්ඩවම තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.