4.6 C
New York

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දයට වාරණයක්

Published:

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් පනවා ඇත.

කොළඹ මහ නගර සභාවට අමතරව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත සහ කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන් සඳහා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහන් නියෝගය නිකුත්කර ඇත.

එම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම මැයි 05 වැනි දා ට පෙර සිදුකළ යුතු අතර ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා මැයි 07 වැනි දා ට පෙර ගොනුකරන ලෙසත් නියෝග කර ඇත.

මෙම පෙත්සම් විභාගයට ගැනීම මැයි 16 වැනි දා සිදුකිරීමට නියමිතව ඇත. ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය එදින දක්වා බල පැවැත්වෙයි.

Related articles

Recent articles

spot_img